Monday, December 23, 2024

General line - 0115112241

සුවනාරී හා සුව දිවි වාර්තා නැත්නම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් නැහැ..!




රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ගැනීමට පැමිණීමේ දී සුවදිවි මධ්‍යස්ථාන හෝ සුවනාරි මධ්‍යස්ථානවලින් සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයන්ගේ වාර්තා අනිවාර්යෙන් රෝගීන් විසින් ඉදිරිපත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව දැනට දරු ප‍්‍රසූතියක් සඳහා ගැබිණි මවක් රෝහල්ගත කිරීමේ දී පවුල් සෞඛ්‍ය සායනවල වාර්තා සලකා බලන ආකාරයට මෙම පරීක්ෂණ වාර්තා ද ඉදිරියේ දී සලකා බලනු ඇති.

එලෙස වෛද්‍ය වාර්තා තබා ගැනීමෙන් රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා කඩිනමින් ප‍්‍රතිකාර කිරීමට හැකිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙනවා. සුවිදිවි මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ පිරිමි පුද්ගලයින් වෙනුවෙන්. එවැනි මධ්‍යස්ථාන 842 ක් රටපුරා පිහිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. සුවනාරී මධ්‍යස්ථාන කාන්තාවන් වෙනුවෙන් පිහිටුවා ඇති අතර රටපුරා පිහිටුවා ඇති එවැනි මධ්‍යස්ථාන ගණන 942ක්.