Monday, December 23, 2024

General line - 0115112241

උතුරේ මහ ඇමතිගෙන් ආණ්ඩුවට තවත් චෝදනාවක්




යුද්ධයෙන් සැමියා මියගිය වැන්දඹු පවුල් නගා සිටුවීම සඳහා රජය තවමත් ප‍්‍රමාණවත් අවධානයක් යොමුකර නැතැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා. මේ නිසා එම පවුල් දිනෙන් දිනම අසරණ වෙමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සැමියා අහිමි වූ කාන්තාවන් මෙන්ම ඔවුන්ගේ දරුවන් ද අසරණ වී ඇතැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවා. මේ නිසා එම පවුල් නගා සිටුවීමට රජය දැන්වත් ප‍්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.