ඩෙංගු බවට සැකකරමින් දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණු ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා. ඇගේ සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් තිබෙන බවයි එහි වෛද්‍ය අධිකාරි වෛද්‍ය රංජිත් සමරකෝන් කියා සිටියේ.
සුසන්තිකා ජයසිංහ දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණේ ඊයේ (27) දිනයේදීයි. පසුව ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.