ජාතික නාමල් උයනේ ශ්‍රී ලංකාවට ආවේනික නා ගස් එකින් එක මිය යමින් ඇතැයි එහි භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා. මේ පිළිබඳ තමන් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දැනුවත් කළ බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.
ජාතික නාමල් උයන රැක ගැනීම රටට ආදරය කරන සියලූ දෙනාගේ වගකීමක් බව ද මෙහි දී සිහිපත් කෙරුණා.