Monday, December 23, 2024

General line - 0115112241

වයඹත් සුපිරි ඇමතිව පරදවයි




සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වයඹ පළාත් සභාවේදී වැඩි ඡන්ද 20 කින් පරාජයට පත්වුණා.

පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරමින් ඡන්ද 31ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 11ක් පමණයි.

අද දිනයේදී මධ්‍යම පළාත් සභාවේදී ද මෙම පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප වුණා.

ඊට අමතරව උතුර, උතුරු මැද, ඌව, දකුණ, සබරගමුව ඇතුලුව සහ මධ්‍යම පළාත් සභාවේදී ද  මෙම පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කෙරුණා.

ඒ අනුව පළාත් සභා නවයෙන් 7කදී මෙම පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප වී තිබෙනවා.