Monday, December 23, 2024

General line - 0115112241

“රෙද්දෙ තුත්තිරි නම් පත්තිනි අම්මා වුණත් සැක කරන්න”




සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පරාජය කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරුන් පිළිබඳ ආඩම්බර වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂය අද (28) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ආණ්ඩුව තුළ සිටින ඇතැම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් ව්‍යාජ යූ.එන්.පී. විරෝධයක් මවාපාන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියා.

එහිදි වැඩි දුරටත් හෙතෙම සඳහන් කළේ “අපිට චෝදනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න හදන්නේ අපියි කියලා..හැබැයි 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එජාපය ගෙන යන මෙහෙයුම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ඔය ශ්‍රීලනිපය ඇතුලෙ ඉන්නවා. සැබෑ එජාප විරෝධී කොටසකුත් මේකෙ ඉන්නවා.. ඒ අයට අපි ගරු කරනවා. මේ තෝරා බේරා ගැනීම අසීරු නිසා..අපි කියනවා.. රෙද්දෙ තුත්තිරි ඇලවිලා තියෙනවා නම් කරුණාකරලා පත්තිනි අම්මා වුණත් සැක කරන්න.” යනුවෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා කියා සිටියේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විදේශගත වීම සීමා නිර්ණ වාර්තාව තවදුරටත් ප‍්‍රමාද කිරීමේ උපක‍්‍රමයක් බවයි.