සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ සංශෝධන සහිතව එය කි‍්‍රයාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.
රටට ආයෝජන අවශ්‍ය නම් ඒ ආයෝජකයන්ට ගැටළු ඇති නොවන පරිදි ඒවා සිදු කිරීමට අවශ්‍ය තීරණ ගැනීම සිදු කළ යුතු බවත් සඳහන් කළා. ප්රජාතන්ත්රවාදය අනුව මෙය පාර්ලිමේන්තුවට ගෙනගොස් ඇති බවත් එහිදි පනත දිනවීමට හෝ පරාජය කරවීමට හැකි බවත් පෙන්වා දුන්නා.
ආණ්ඩුව තුළ ගැටලු පැවතිය ද ඒවා නිරාකරණය කරගනිමින් ඉදිරියට ගමන් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ.