Monday, December 23, 2024

General line - 0115112241

රත්නසිරි වික්‍රමනායකගේ දේහය නිවසට රැගෙන යයි




හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය අද (28) පස්වරුවේ හොරණ නගරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරුණා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 31 වෙනිදා රාජ්‍ය අනුග්‍රහයෙන් හොරණ නගරයේදී සිදුකිරීමට නියමිතයි.

අද පෙරවරුවේ රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබුවා.

කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එහිදී දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.