Monday, December 23, 2024

General line - 0115112241

ජනපති අතහරින බලය වෙනත් පුද්ගලයෙකු වටා කේන්ද්‍ර වීම ගැටලුවක්




සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභාවල පරාජයවීමට හේතුව එය නිසි සමාලෝචනයකින් හා සාකච්ඡාවකින් තොරව ගෙන ඒම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසුවා.

ශාන්ත බණ්ඩාර මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

සියලු පාර්ශ්ව සමඟ මේ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන ගෙනඒම කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සතු විධායක බලතල අතහැරීමට සූදානම් අවස්ථාවක එම බලතල මෙම පනත මගින් වෙනත් පුද්ගලයෙකු වටා කේන්ද්‍ර වන්නේ නම් ඒ පිළිබඳ ගැටලුවක් ඇති බවත් සඳහන් කළා.