කිරිපිටි මිල වැඩි කිරීමට සමාගම් කිහිපයක් ඉල්ලීමක් කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
අදාළ සමාගම් එම අධිකාරියෙන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 100ත් 117ත් අතර මිලකට වැඩි කරන ලෙසයි.
ඊට අමතරව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40 ත් 46 ත් අතර මිලකින් වැඩි කරන ලෙයසි ඔවුන් ඉල්ලා ඇත්තේ.
කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ කිරිපිටි සඳහා බලපාන විවිධ මිල සංඝටකවල වර්තමාන තත්ත්වය සලකා බැලීමේදී මෙම මිල වැඩි වීම අවශ්‍ය නොවන බවයි.