මධ්‍යම පළාත් සභාවේ ඊයේ (28) පැවති විශේෂ සභා රැස්වීම නීති විරෝධී බව එහි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ උඩුදුම්බර ප‍්‍රධාන සංවිධායක චානක අයිලප්පෙරුම පවසනවා.
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා එම කෙටුම්පත පරාජය කෙරුණේ ද මෙම සභා රැස්වීමේදීයි.
පාලක පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 36 දෙනාගෙන් මන්ත‍්‍රීවරුන් තිස් දෙදෙනෙකු මෙහිදී කෙටුම්පතට විපක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළා. කිසිඳු මන්ත‍්‍රීවරයෙකු ඊට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ නොකළ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඡන්ද විමසීමට සහභාගි නොවී සභාවෙන් පිටව ගියා.
තමන් මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට ලිපියක් ද භාරදුන් බවයි චානක අයිලප්පෙරුම නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ උඩුදුම්බර ප‍්‍රධාන සංවිධායක චානක අයිලප්පෙරුම එම පළාත් සභාවේ සභාපතිවරයාට යවන ලද සම්පූර්ණ ලිපියේ පිටපතක් පහතින් දැක්වෙනවා.