මහවැලි ගෙඟ් අතු ශාඛාවක් වන හැටන් ඔයට අපද්‍රව්‍ය මුදාහැරීම වහාම නතර කරන බව හැටන් ඇබෝස්ලි රොතැස් වතුයායේ සත්ත්ව ගොවිපොළේ කළමනාකාර සුරාජ් නිරෝෂන් පවසනවා.
නෙත් නිවුස් ඊයේ (28) දහවල් අනාවරණ කළේ මෙම සත්ත්ව ගොවිපොළෙන් මුදාහැරෙන අපද්‍රව්‍ය නිසා හැටන් ඔය දූෂ්‍ය වී ඇති බවයි.
තමන් අතින් එවැනි වරදක් සිදුවූ බවද නෙත් නිවුස් පසුව කළ විමසීමේදී සුරාජ් නිරෝෂන් පිළිගත්තා. ඒ අනුව ඉතා ඉක්මනින් එම වැරදි නිවරැදි කරගන්නා බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
හැටන් ඔය බොහෝ දෙනාගේ පානීය ජල මූලාශ‍්‍රය ද වනවා. දෛනික වෙනත් ජල අවශ්‍යතා සඳහා ද එම ප‍්‍රදේශවාසීන් හැටන් ඔය භාවිත කරනවා.