Monday, December 23, 2024

General line - 0115112241

සංවර්ධන පනත් කෙටුම්පත බස්නාහිරෙන් ප්‍රතික්ෂේප කෙරේ (UPDATE)




සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවට අද (29) ඉදිරිපත් කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 28 ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 52ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික හෙළ උරුමය අද කැඳවූ මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ වුණේ සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ අවශ්‍යතාව මේ වනවිට රට තුළ පවතින බවයි.

කෙසේ වෙතත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති ඡන්ද විමසීමේ දී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මන්ත‍්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පැවසුවේ සංවර්ධන පනත පරාජය වුව ද නැවත එය ගෙන ඒමට කටයුතු කරන බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය සුපිරි ඇමතිලා බිහි කිරීමට නොව සුපිරි රටක් බිහි කිරීමට බවයි.

 


‘සුපිරි ඇමති’ අද බස්නාහිර පළාත් සභාවට

Dec 29, 2016 @ 07:19

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවට අද (29) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වන විට පළාත් සභා 7කදී මෙම කෙටුම්පත පරාජය වී තිබෙනවා.

ඒ, මධ්‍යම, වයඹ, ඌව, උතුර, උතුරු මැද, දකුණ සහ සබරගමුව යන පළාත් සභාවලදීයි.

නැගෙනහිර පළාත් සභාව එම කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීම මීළඟ සභා වාරයේදී පැවැත්වීමට තීරණය කළා.

සුපිරි ඇමතිවරයෙකු ඇති කෙරෙන බවට ඇතැම් පාර්ශ්වවල චෝදනාවට ලක්වන්නේ ද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතයි.