හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් අතර අත්සන් තැබීමට යෝජිත ගිවිසුමට විරෝධය පළ කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය කළු සතියක් නම් කර තිබෙනවා.
ලබන මස 02 වෙනිදා මෙම කළු සතිය ආරම්භ කරන බවයි එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ පැවසුවේ.
අත්සන් තැබීමට යෝජිත ගිවිසුම හකුලා ගන්නැයි මෙම සතිය පුරා ආණ්ඩුවට විවිධාකාරයෙන් බලපෑම් කරන බවද ඔහු කියා සිටියා.
අදාළ ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ ලබන මස 08 වෙනිදා බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එම ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාව තුළ චීන කොලනියක් නිර්මාණය වනු ඇති බවයි චන්ද්‍රසිරි මහගමගේ වැඩිදුරටත් කියා සිටියේ.