ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකවරයාට මරණ තර්ජනය කරමින් හඬපටයක් ෆේස්බුක් වෙබ් අඩවියට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු හෙට (30) දිනය දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි.
අදාළ හඬපටය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.
එම හඬපටය ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට බවත්, තවත් රටවල් කිහිපයක සිට ද විවිධ පුද්ගලයින් එම හඬපටයම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇතැයි ද එහිදී හෙළි වූ බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.