දඩ මුදල් අයකර ගැනීමකින් තොරව වාහන පැවරීම් කර ගැනීම සඳහා වාහන හිමිකරුවන්ට ලබාදී තිබූ සහන කාලය හෙට (30) අවසන් වනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ මේ සහන කාලය යළි දීර්ඝ නොකරන බවයි.
හෙට දින පස්වරුව වනතෙක් වාහන පැවරීම්වලට අදාළ ලියකියවිලි භාරදීමට නොහැකි වන පිරිසට යළි සහන කාලයක් නොලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
හෙට දින පැමිණෙන සෑම අයදුම්කරුවකුගේම අයදුම්පත් කෙසේ හෝ බාර ගැනීමට කටයුතු කරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
දීර්ඝ කාලයක් තිස්සේ වාහන පාවිච්චි කළත් එම වාහනවල අයිතිය සිය නමට පවරා නොගත් ලක්ෂ සංඛ්‍යාත ගණනක් පසුගිය දින කිහිපයේදී අයදුම්පත් බාරදී තිබුණා.
එසේ බාරදුන් සංඛ්‍යාව කොපමණ දැයි නිල වශයෙන් ගණනය කිරීම් සිදු වෙන්නේ හෙට දිනයෙන් පසුවයි.