කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (29)දිනයේ පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක් ප්‍රමාද වී තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ මධ්‍යදරණී කලාපයේ පවතින අයහපත් කාලගුණික තත්වයයි.
ඒ අනුව ඩුබායි, කුවෙට්, කටාර් සහ ඕමාන් ආදී මැදපෙරදිග කලාපයේ රටවල සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා ප්‍රමාද වී තිබෙනවා.
අබුඩාබි සිට අද අලූයම පහයි පහට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ යූ. එල්. 208 ගුවන් යානය ද අද පස්වරුව වන තෙක් මෙරටට පැමිණ තිබුණේ නැහැ.
අලූයම තුනයි පනස් පහට සාජා සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ජී. 9501 ගුවන් යානය ද අද පස්වරුව වන තෙක් මෙරටට නොපැමිණි බවයි කටුනායක ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.