2017 වසරේ දී වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මෙරට සිටින විදෙස් මාධ්‍යවේදීන් සමග කොළඹ අද පැවති සාකච්ඡාවකදීයි.
එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව අතර මේ වනවිට ගැටුම් ඇති වී තිබෙනවා.
මේ අයුරින් රටකට ඉදිරියට ගමන් කිරීමට නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා මෙහි දී පවසා ඇත්තේ.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව සතු වුව ද වත්මන් දේශපාලන තත්වය සලකා බැලීමේ දී ඉදිරි කාලයේ දී සියල්ල වෙනස් විය හැකි බව ද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කෙසේ වෙතත් මෙහි දී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට යළි රාජ්‍ය නායකයා විය නොහැකි බවයි.
ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටිය දී අගමැති ධුරයට පත් කළහොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩ කළ හැකිදැයි මෙහි දී මාධ්‍යවේදීන් විමසීමක් කළා.
ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ 1976 සිට හොඳින් හඳුනන පුද්ගලයෙකු සමග තමන්ට වැඩ කළ හැකි බවයි.
මේ අතර ඉකුත් ජනාධිපතිවරණයේ දී ඉන්දියාව, අමෙරිකාව සහ ඉන්දීය රෝ ඔත්තු සේවයේ මැදිහත්වීම හේතුවෙන් තමාට පරාජය වීමට සිදු වූ බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.
චීනයට අක්කර පහළොස් දහසක ඉඩම් පැවරීමට තමා එකඟ නොවන බවත්, තම පාලන සමයේ සැලසුම් කර තිබුණේ අක්කර 750 ක් පමණක් ලබාදීමට බවත් හිටපු ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මෙහි දී හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදීන්ට ආප්ප ලබා දී සංග්‍රහ කිරීම ද විශේෂත්වයක්.