ත‍්‍රීකුණාමලය චීන වරායේ පිිහිටි තෙල් ගබඩා සංකීර්ණයේ අලූත්වැඩියාවකට ගිය ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයින් අද අකරතැබ්බයකට මුහුණ දුන්නා.
ඒ, එහි සේවය කරන ඉන්දීය තෙල් සමාගමේ නිලධාරීන් පිිරිසක් විසින් ඛණිජ තෙල් සංස්ථා සේවකයින් රඳවා තබා ගැනීම හේතුවෙන්.
ඒ සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථා සේවකයින් විසින් චීන වරාය පොලිසියට පැමිණිල්ලක් ද කරනු ලැබ තිබෙනවා.
ඒ, තම රාජකාරියට බාධා කළ බව පවසමින්.
මේ අතර ඉන්දීය තෙල් සමාගමේ නිලධාරීන් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ, ඛණිජ තෙල් සංස්ථා සේවකයින් බලහත්කාරයෙන් තම පරිශ‍්‍රයට ඇතුළු වූ බව පවසමින්.
නෙත් නිවුස් කළ සොයා බැලීමක දී හෙලි වුණේ චීන වරායේ තෙල් ගබඩා සංකීර්ණයේ අලූත් වැඩියාව ඊයේ දිනයේ සිදු කරන ලෙසට ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ට අවසර ලබා දී තිබූ බවයි.