ජලය අඩුවෙන් ඇති ස්ථානයක වුව ද පහසුවෙන් ගමන් කළ හැකි ආකාරයේ නව යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිර්මාණය කර තිඛෙනවා.
ඒවා නම්කර ඇත්තේ වායුබල බෝට්ටු ලෙසයි.
ජලගැලීම් වැනි අවස්ථාවල දී සිදු කරන බේරා ගැනීමේ සහ සහන මෙහෙයුම්වලට සාමාන්‍ය යාත්‍රා යොදා ගැනීම දුෂ්කර වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විෙජ්ගුණරත්න කියා සිටියා.
එන්ජිමේ කොටස් පොලවේ ගැටීමෙන් යාත්‍රාවලට හානි සිදුවීම ඊට හේතුවයි. ඉකුත් ජලගැලීම් සමයේ දී ද බේරා ගැනීමේ සහ සහන සේවා සඳහා යොදවන ලද යාත්‍රා කිහිපයකටම මෙලෙස හානි සිදු වූ බව ද නාවික හමුදාපතිවරයා සිහිපත් කළා.
ජලය අඩුවෙන් ඇති ස්ථානයක වුව ද පහසුවෙන් ගමන් කළ හැකි ආකාරයේ නව යාත්‍රාවක් නිර්මාණය කිරීමට නාවික හමුදාව උනන්දු වී ඇත්තේ ඒ අනුවයි.
වායුබල බෝට්ටුවට ජලය අඟල් හයක් පමණක් ඇති ස්ථානයක වුව ද පහසුවෙන් ගමන් කළ හැකි වනවා.
එවැනි බෝට්ටුවක් සඳහා යන පිරිවැය රුපියල් මිලියන 1.9 ක් පමණ වන බවයි නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.