උදාවන 2017 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ තවත් පිංකමක් සැදැහැවතුන්ගේ සාදුනාද මධ්‍යයේ ඊයේ සිදු කෙරුණා.
ඒ, දඹවින්න ශ්‍රී මහා විහාරයේදීයි. පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මෙහෙයවන ලද ආශිර්වාද පූජාවක්ද, පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින් සිදු කරන ලද සද්ධර්ම දේශනාවක් ද මෙම පිංකමට ඇතුළත් වුණා.
සිය දහම් දැනුම නංවා ගැනීමට ද මෙය අවස්ථාවක් වූ බවයි ඊට සහභාගී වූ සැදැහැවතුන් කියා සිටියේ.
දඹවින්න ශ්‍රී මහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දඹවින්නේ ඥාණසිරි හිමියන් ද නෙත් එෆ්. එම්. රේඩියෝවට ආශිර්වාද ප්‍රාර්ථනා කළා.
උදාවන 2017 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන තවත් පිංකමක් අද සිදු කෙරෙනවා.
ඒ, හාලිඇල උඩුවර සුධර්මාවාස පිරිවනේදීයි. පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මෙහෙයවනු ලබන ආශිර්වාද පූජාව පස්වරු 5 ට ආරම්භ වනවා.
පස්වරු හයේ සිට පූජ්‍ය වල්පොල ගෝතම හිමියන්ගේ සද්ධර්ම දේශනයක් සිදු කිරීමට නියමිතයි.