Monday, December 23, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහිව දේවාල 3කදී පොල් ගැසෙති




වත්මන් ආණ්ඩුවේ ජනතාවට අවැඩදායක ක්‍රියා වහාම නතර කර දෙන්නැයි ද එසේ නොකරන්නේ නම් ආණ්ඩුව පලවා හැර ජනතා හිතවාදී නව ආණ්ඩුවක් බිහි කිරීමට ආශිර්වාදය ලබා දෙන්නැයි ද ඉල්ලමින් දේවාල 03ක දී තව නොබෝ වේලාවකින් දේව කන්නලව් සිදු කෙරෙනවා.

ඒ, සීනිගම දේවාලයේදී, මුන්නේෂ්වරම් දේවාලයේදී සහ නවගමුව පත්තිනි දේවාලයේදීයි.

ජාති හිතෛෂී ජනතා හඬ සංවිධානය විසින් මෙම දේව කන්නලව්ව සංවිධාන කර තිඛෙනවා.

ආණ්ඩුවට විරෝධය පල කරමින් මීට පෙර ද විවිධ පාර්ශව විසින් මෙවැනි දේව කන්නලව් හා පොල් ගැසීම් සිදු කළා.