Sunday, December 8, 2024

General line - 0115112241

පළාත් පාලන මන්ත්‍රීවරු නැති එක පාඩුවක්




පළාත් පාලන ආයතන විසුරුවා හැර තිබීම ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා බාධාවක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පළමු වරට පිළිගත්තා.

ඔහු එ් බව පැවසුවේ මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින්. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සිටියා නම් මේ වැඩේ මීට වඩා සංවේදීව ඉදිරියට ගෙනියන්න හැකි වෙනවා. දැන් නිලධාරීන් කිහිපදෙනෙකු සමග තමයි මේ වැඩේ ඉදිරියට ගෙනියන්න වෙලා තියෙන්නේ.” යනුවෙනි.

ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය වන බවද මෙහිදී සඳහන් කෙරුණා.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ‍්‍රවලට රුපියල් විසිපන්දහසක දඩ නියම කිරීමේ සහ පරීක්ෂකවරුන්ට ඕනෑම අවස්ථාවක ඕනෑම පරිශ‍්‍රයකට ඇතුළුවීමට අවසර ලබාදෙන නීති සකස් කිරිම සඳහා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයිද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී කියා සිටියා.

ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් හමු වූ වසර ලෙස වාර්තා වන්නේ 2016 යි. උදා වූ 2017 නව වසරේදී ඩෙංගු රෝගය පාලනය කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා.