Sunday, September 8, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමතිගෙන් පොරොන්දුවක්




අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබාදීම සඳහා නිශ්චිත දින ප‍්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විභාග කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

2016 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ දී විවිධ අදහස් පළ වුණා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

මේ අතර 2016 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙම මස 12 වැනිදාට පෙර නිකුත් කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.