Friday, October 18, 2024

General line - 0115112241

විසිපන්දහසේ දඩය ගැන පොලිස්පති කතා කරයි




රථ වාහන වැරදි කිහිපයකට අදාළව අයවැයෙන් යෝජිත රුපියල් විසිපන්දහසේ දඩය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට සිදු කරන සාකච්ඡා අවසන් වීමෙන් පසුව තරාතිරම නොබලා එය ක‍්‍රියාත්මක කරන බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ එම දඩ මුදල් ක්‍රමවේදය අත්‍යාවශ්‍ය බවයි. හුදෙක් වැරදි කරන අයට මෙම දඩ මුදල ක්‍රියාත්මක වන අතර අනෙක් නීති ගරුක පිරිසට ඉන් කිසිඳු කරදරයක් සිදු නොවන බවයි පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට සියලු නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.

පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට පොලිස් මූලස්ථානයේ දී අද (02) එක්වෙමින්.