කුලියාපිටිය ප්රදේශයේ ඉදිකෙරෙන මෝටර් රථ කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල තැබීම අද (03) සිදු කෙරෙනවා.
ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදීයි.
කුලියාපිටිය ලබුයාය මහනුගලන්ද ප්රදේශයේ මෙම මෝටර් රථ කර්මාන්තශාලාව ඉදිකෙරෙනවා.
කුරුණෑගල ප්රදේශයේ මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කෙරෙන බවට වත්මන් ආණ්ඩුව ඉකුත් මැතිවරණ සමයේ පොරොන්දුවක් ද ලබාදුන්නා.