මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත අද (03) දිනයේ පැමිණිල්ලක් භාර දෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ රවී කරුණානායක අමාත්‍යවරයා වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි.
“යහපාලනයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා පොරොන්දූ වූ, ප්‍රතිඥා වූ දේශපාලඥයෝ ඉතාමත්ම අසාධාරණ ලෙස සහ දූෂිත ලෙස වත්කම් උපයාගෙන තිබෙනවා. ඒ නිසා අද දිනයේදී අපි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් භාරදීමට තීරණය කළා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව. මොකද මේ වෙනකොට මාධ්‍ය මගින් අනාවරණය කරලා තිබෙනවා ඔහු විශාල ලෙස ගෙවල් මිලදීගෙන තිබෙනවා , ඉඩම් මිලදීගෙන තිබෙනව , ඒ වගේම ඔහුගේ බිරිඳට සහ දියණියට අයත් සමාගමකට විශාල වශයෙන් දේපල මිලදීගෙන තිබෙනවා. මේ පිළිබඳව හොයලා බලන්න මේ පුද්ගලයා මෙසේ වත්කම් හොයාගත්තේ කොහොමද කියලා සොයාබැලීම සඳහා අද දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත අප විසින් ඉල්ලීමක් කිරීම සඳහා සූදානමෙන් සිටිනවා”.