Sunday, December 22, 2024

General line - 0115112241

අලියා පෙරලන්න ඩිලාන්ගෙන් සැලැස්මක් (VIDEO)




එක්සත් ජාතික පක්‍ෂය පරාජයට කිරීමට සියලු දෙනා එක්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

ඔහු කියාසිටියේ එසේ වුවහොත් එක්සත් ජාතික පක්‍ෂය පරාජය කිරීම අපහසු කරුණක් නොවන බවයි.

“කැලේ ඉන්න අලියා උනත්, කොහේ ඉන්න අලියා උනත් අපට වට්ටන්න පුළුවන් කියලා ඉතිහාසය පුරාම අපි පෙන්නලා තියෙනවා. 2017 අවුරුද්දෙත් ඔය අලියා වට්ටන්න දැන් කොයි කොයි තැන්වල ඉන්න අයත් එකතුවෙන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ලඟ ඉන්න අයයි , මෛත්‍රීපාල සිරිසේන මහතා ලඟ නැති අයයි , මේ දෙන්නා ලඟම නැති අයයි වෙන කොහේ හරි ඉන්න අයයි එකතුවුනොත් 2017 අලියා වට්ටන්න පුළුවන්”.

ආණ්ඩු පෙරළියකට පෙර පළාත් සභාවල බලය ලබාගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවද ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි එකතුඋනොත් අලියා වට්ටන්න බැරි නැහැ. අර පොඩි ගෙම්බටයි , පොඩි කොහාටයි , පොඩි කටුස්සටයි ඒ වැඩේ කරන්න පුළුවන් කම තියෙනවනම් , ඇයි අපිට බැරි. ඒ නිසා 2017 අපි පුංචි ආණ්ඩුව අල්ලගමු ලොකු ආණ්ඩු පෙරළන්න ඉස්සෙල්ලා”.

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. අදාළ වීඩියෝව පහතින් බලන්න