තිරසර යුගයක් සඳහා වන රජයේ නව ආර්ථික සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද (04) ප‍්‍රකාශයට පත්කරනු ලබනවා.
රට ආර්ථික කලාප 3 කට බෙදා සංවර්ධනය කිරීම එහි තේමාවයි. බලගතු ශී‍්‍ර ලංකාවක්, සැලසුම් සහගත ගමනක්, කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක් මෙහි තේමාවයි.
මෙහිදී ආර්ථික කවුළු 3 ක් යටතේ නව ආර්ථික සැලැස්ම කි‍්‍රයාත්මක වනවා. ප‍්‍රධාන ආර්ථික කවුළු, උප ආර්ථික කවුළු සහ මූල්‍ය නගරය කේන්‍ද්‍ර කර ගනිමිනුයි එය කි‍්‍රයාත්මක වන්නේ.
කළුතර සිට මොණරාගල දක්වා එක් ප‍්‍රධාන ආර්ථික කවුළුවක්ද, උතුරු නැගෙනහිර පළාත්වල සිට උතුරුමැද පළාත දක්වා තවත් ප‍්‍රධාන ආර්ථික කවුළුවක්ද කි‍්‍රයාත්මකයි.
මහනුවර දිස්ති‍්‍රක්කය කේන්‍ද්‍ර කර ගනිමින්ද තවත් ආර්ථික කවුළුවක් කි‍්‍රයාත්මක වනු ඇති. සෙසු ප‍්‍රදේශ දියුණු කරන්නේ උප ආර්ථික කවුළු හරහායි. කොළඹ දිස්ති‍්‍රක්කය මූල්‍ය නගරයක් ලෙස සංවර්ධනය කෙරෙනවා.