Sunday, December 22, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවේ ආයුෂ ගැන තවත් ඉගියක්




ජාතික ආණ්ඩුවේ දීගය ඉදිරි පළාත් පාලන මැතිවරණය තෙක් පැවතීම අවිනිශ්චිත බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පවසනවා.

හෝමාගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සීමා නිර්ණ කමිටු වාර්තාව සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

“මේ කමිටු වාර්තාව අද අමාත්‍යවරයාට ලබාදුන්නත් ඒකට සැලකිය යුතු කාලයක් යනවා. ඒ වාර්තාව ලැබුනට පස්සේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට සිදුවෙනවා සංස්ථාපනයක් කරන්න. ඒ අනුව රටේ තිබෙන සෑම පළාත් පාලන ආයතනයකම මන්ත්‍රී ධූර සංඛ්‍යාව වැඩිවෙනවා. නගර සභා , ප්‍රාදේශීය සභා , මහ නගරසභා පනතේ යම් ඒ සංස්ථාපනයත් එක්ක යම් සංශෝධනයන් කළයුතුව තිබෙනවා. වේදීකාවේ කතාකරනවා වගේ පහසුවෙන් , ඉක්මනින් මැතිවරණයකට යන්න පුළුවන් කමක් නැහැ.

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගැන මම කියන දෙයක් තමයි දෙගොල්ලන්ගේ හඳහන් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඕක දිගට කන්න පුළුවන් දීගයක් නෙමෙයි. කවුරු හරි හිතනවනම් එක්සත් ජාතික පක්ෂයටයි , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි දීර්ඝ කාලයක් දීග කන්න පුළුවන් කියලා, ඒක වෙන දෙයක් නෙමෙයි. මම හිතන්නෙ නැහැ පළාත් පාලන මැතිවරණය තරම්වත් දීගයක් කන්න පුළුවන් කම ලැබෙයි කියලා”.