Sunday, December 22, 2024

General line - 0115112241

“බය නැතිව ගිහින් එන්න” – බල පෙරළිය ගැන මහින්දගෙන් අගමැතිට පිළිතුරු




වත්මන් ආණ්ඩුව පෙරළා දමන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විදේශගතව සිටියදී නොව රට තුළ රැඳී සිටියදීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

තමන් ලබන සතියේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක නිරත වන බැවින් හැකි නම් එම කාලසීමාවේදී ආණ්ඩුව පෙරළා දමන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

එහිදී “එතුමාට රට ගිහින් බය නැතිව එන්න පුළුවන්. අපි පිටිපස්සෙන් පිහියෙන් අනින්නෙ නැහැ. එතුමා ඉන්න වෙලාවෙදිම තමයි පෙරළිය ඇති වෙන්නේ. බලාගෙන ඉන්නකෝ..” යනුවෙන් සඳහන් කළා

මහින්ද රාජපක්ෂ මහතා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය කාර්යාලයේදී නව වසරේ වැඩ ආරම්භ කළේ අද (04) පෙරවරුවේයි.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කුරුණෑගලදී ඊයේ මුල්ගල් තැබූ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළා.

එහිදී ඔහු වැඩි දුරටත් පැවසුවේ “මේක වොක්ස්වැගන්ද කියලා විශ්වාසයක් නැහැ. හැබැයි වටිනා ඉඩමක්. විශ්ව විද්‍යාලයක් වෙනුවෙන් වෙන් කරලා තිබ්බෙ. දැන් ඒක කොම්පැනියකට දුන්නා. මේකෙ එක කාර් එකක් පිටරට යවාගන්න බැරිවෙනවා. අන්තිමට වෙන්නේ.. කබල් කාර් හදලා ලංකාවේ මිනිස්සුන්ට දෙන එක. හදන්නෙත් නැහැ.. එකලස් කරයි. කෑලි එකතු කරලා ඒ වගේ වැඩ කරන ෆැක්ට්‍රි ගොඩක් තියෙනවා ලංකාවේ.” යනුවෙනි.