Sunday, December 22, 2024

General line - 0115112241

“ඔව් ආණ්ඩුව හෙල්ලෙනවා..ඒත්..” – රාජිත පිළිතුරු දෙයි




ආණ්ඩුව අස්ථාවර බවටත් එය පෙරළා දමන බවටත් විපක්ෂය සිදුකරන ප‍්‍රකාශයන්ට අමාත්‍ය රාජිත සේනාරත්න අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී හෙතෙම පැවසුවේ “ඔව් ආණ්ඩුව හෙල්ලෙනවා..ආණ්ඩුව හෙල්ලෙනවා.. ඒත් වැටෙන්නෙ නැහැනේ. වැටෙනවයි හෙල්ලෙනවයි කියන්නෙ දෙකක්. අදහස් හා අදහස් ගැටෙනවා.. නිදහස් අදහස් ඉදිරියටම යනවා.” යනුවෙනි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉඩම් අක්කර පහළොස්දහසක් චීනයට බදු දීමට තීරණය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී බවද සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.

චීනයට ඉඩම් පැවරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.