ජා ඇල දඬුගම ප‍්‍රදේශයේ ස්ථාන දෙකක නීති විරෝධී අයුරින් මහාපරිමාණ ලෙස සිදුකෙරුණු ඉඩම් ගොඩ කිරීම් දෙකක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වහාම නතර කර තිබෙනවා.
ඒ, මධ්‍යම පරිසර අධිකාරිය විසින්.
මෙම ඉඩම් ගොඩකිරීම් පිළිබඳ ප‍්‍රදේශවාසීන් විසින් ඊයේ (03) දිනයේ ජනාධිපතිවරයා වෙත කළ පැමිණිල්ලක් අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන සිදුකරන ලෙස ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් ජා ඇල පොලිසිය සමග අද (04) එම ස්ථානය වෙත ගොස් විමර්ශන ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ අනුව එම අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම නතර කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබෙනවා.
මුතුරාජවෙල කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් විශාල භූමි භාගයක සිදුකෙරුණු මෙම අනවසර පහත් බිම් ගොඩකිරීම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද නියමිතයි.