මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන්ට ස්ව කැමැත්තෙන් භාර වී පුනරුත්ථාපනය වීමට පොදු සමා කාලයක් ලබාදීමට අවධානය යොමුව තිබෙනවා.
එම කාලය තුළ ද භාර නොවන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති.
ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි සඳහන් කළේ මෙලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ 20000 ක පිරිසක් සඳහා ජනාධිපතිවරයාගේ නියමයන් පරිදි මෙම පොදු සමා කාලය ලබා දීමට කටයුතු කරනු ඇති බවයි.
දැනට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් 50000 ක් පමණ හඳුනාගෙන ඇති බවත් බද්ධි අංශ මගින් හඳුනාගෙන ඇති එම පිරිස් එසේ භාර නොවන්නේ නම් ඉදිරියේදී නීති මගින් අත්අඩංගුවට ගන්නා බවද සඳහන් කළා.
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා රට පුරා සියලු පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර වැටලීම් මගින් සොයා ගැනුණු මත්ද්‍රව්‍ය තොග ඉදිරියේදී ප‍්‍රසිද්ධියේ විනාශ කිරීමට කටයුතු කරන බවයි වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි වැඩිදුරටත් කියා සිටියේ.
ඊට අවශ්‍ය නීති සකස් කිරීම කෙරෙහි දැනටමත් අවධානය යොමුව ඇතැයි ද ඔහු පැවසුවා.