Sunday, December 22, 2024

General line - 0115112241

සීගිරියේ අනවසර පස් කැණීම ගැන විමර්ශන ඇරඹෙයි




සීගිරි අභය භූමිය තුළ අනවසරයෙන් සිදුකෙරෙන බව කියන පස් කැපීම පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන්නැයි රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා.

ඉපැරණි ඇහැලගල වැවේ සංවර්ධන කටයුත්තක් බව පවසමින් මෙම පස් කැපීම සිදුවන බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ.

බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් වැව තුළ විශාල වළවල් හාරා පස් කැපීම සිදුවනවා. මෙම ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු ඉකුත් දා අත්අඩංගුවට ගැනුණා. ඔවුන් දෙදෙනාම කුලී පදනම මත සේවයේ යෙදී සිටි අයයි.

ඇහැලගල වැව සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 15කට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් අදාළ කොන්ත‍්‍රාත්තුව ලබා දී තිබෙනවා.

කොන්ත‍්‍රාත්කරුවන් එම කොන්ත‍්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් පස් කැපීම සිදුකරන බවයි මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ. විමර්ශන අවසන් වන තෙක් අදාළ කොන්ත‍්‍රාත්තුව සඳහා මුදල් ගෙවීම අත්හිටුවන ලෙසද රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා.

dsc06986 dsc06992 dsc07000