පාසල්වල දරු දැරියන්ගේ පෝෂණය වෙනුවෙන් රුපියල් මිලියන 5185 ක් වෙන්කරන බවත් එයින් ඔවුන්ට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන් පවසනවා.
දුෂ්කර සහ අති දුෂ්කර පාසල් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
මෙයින් රුපියල් මිලියන 4875ක් දරු දැරියන්ට දිවා ආහාරය ලබාදීමට වෙන්කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
පාසල් 7911ක දරු දැරියන් ලක්ෂ 12කට පමණ මෙලෙස දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
දරු දැරියන් සඳහා උදෑසන නැවුම් කිරි වීදුරුවක් ද ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 310ක් වනවා. අදාළ වැඩසටහන ලබන 09 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි.