තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සදහා රජය ආරම්භ කළ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශව උත්සහ දරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ වොක්ස්වැගන් සමාගම 2015 වසරේ දී දැඩි මූල්‍ය පාඩුවක් ලැබූ බවයි.
ඒ හේතුවෙන් එම ආයෝජනය ශ්‍රී ලංකාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කළ බව ද ඔහු ප්‍රකාශ කළා.
කළු ගග ව්‍යාපෘතියේ දෙවන අදියරට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.