රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු වීමට පෙර ඔහු ගමන්ගත් වාහනය පිටුපස හඹාගිය වාහනයක සිටි පුද්ගලයෙකු පිළිබද කරුණු අනාවරණය වී තිඛෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කරුණු දක්වමින් මේ බව සදහන් කළා.
ඒ, සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය මීළග නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වයා අද අධිකරණයට දැනුම් දුන්නා.