සීමා නිර්ණ අභියාචනා විමර්ශන වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාරදීම නැවත වරක් කල් ගොස් තිඛෙනවා.
එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ වාර්තාව ඊයේ පෙරවරුවේ භාරදෙන බවට සීමා නිර්ණ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපති අශෝක පීරිස් එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරිට දන්වා තිබුණු බවයි.
ඒ අනුව අදාළ වාර්තාව භාරගැනීම සඳහා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ සූදානමින් සිටි බවද එහෙත් සභාපතිවරයා අදාළ වාර්තාව ඊයේ භාර නොදුන් බවද එහි සඳහන් වනවා.
අදාළ වාර්තාව තවදුරටත් සකස් කරමින් ඇතැයි සභාපතිවරයා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරිට ප්‍රකාශ කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ වාර්තාව මීට පෙර අවස්ථාවකදී සභාපති අශෝක පීරිස් විසින් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාරදීමට කටයුතු කළා. එහෙත් කමිටුවේ සාමාජිකයින් පස්දෙනාගෙන් දෙදෙනෙකු ඊට අත්සන් කර නොතිබීම නිසා එය භාරගත නොහැකි බවයි අමාත්‍යවරයා එම අවස්ථාවේදී කියා සිටියේ.