Monday, December 23, 2024

General line - 0115112241

හම්බන්තොට ගැටුමෙන් 27ක් රෝහලේ! 52 කූඩුවේ!




හම්බන්තොට පැවති නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තුවාල ලැබූ 27 දෙනකු මේවනවිට හම්බන්තොට, අම්බලන්තොට සහ සූරියවැව රෝහල්වෙත ඇතුළත්කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා. මින් 11 පොලිස් නිලධාරීන් බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් 52කු මේ වනවිට අත්අඩංගුවේ පසුවන බවයි පොලිසිය පවන්නේ.

……………………………………………

හම්බන්තොට ගැටුමෙන් 21ක් රෝහලේ

Jan 7, 2017 @ 14:00

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇරඹීමේ උත්සවයට විරෝධය දක්වමින් සිටි පිරිස් පොලිසිය විසින් විසුරවා හැරීමේදී සහ පොලිසිය සමග ගැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 21  දෙනෙකු පමණ රෝහල් ගතකර ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. තුවාල ලැබූවන් අතුරෙන් තිදෙනෙක් පොලිස් නිලධාරීන් බවයි පැවසෙන්නේ.

……………………………………………

ගල්මුල් සහ කඳුළු ගෑස් මැද අගමැතිගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ සංවර්ධන සැලැස්ම එළිදකී (PHOTOS)

Jan 7, 2017 @ 12:18

උද්ඝෝෂණ සහ වෙනත් විරෝධතා මැද දක්ෂිණ සංවර්ධන සැලැස්ම මීට නොබෝ වේලාවකට පෙර එළිදැක්වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණු බවයි.

උත්සව පරිශ්‍රයට විරෝධතාකරුවන් ඇතුළු වීම වැළැක්වීම සඳහා පොලිස් මාර්ග බාධක යොදා තිබුණා. කෙසේ වෙතත් එම මාර්ග බාධක මගහරිමින් විරෝධතාකරුවන් උත්සව පරිශ්‍රයට ළඟා වූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු යූ.එස්.පී. බණ්ඩාර පවසන්නේ.

විරෝධතාකරුවන් සහ උත්සව පරිශ්‍රයේ සිටි පිරිස් අතර ගැටුමක් ද ඇති වී තිඛෙනවා. එම ගැටුම පාලනය කිරීම සඳහා පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

හම්බන්තොට වරාය පරිශ්‍රය, ගුවන් පාලම ආශ්‍රිත ප්‍රදේශය, පරිපාලන ස්ථාන සහිත ප්‍රදේශ සහ මහාමාර්ගවල දින 14ක් යන තෙක් උද්ඝෝෂණ කිරීම තහනම් කරමින් ඊයේ අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරුණා. පොලිසිය කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කළේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

news-www-nethnews-lk011 news-www-nethnews-lk010 news-www-nethnews-lk009 news-www-nethnews-lk008 news-www-nethnews-lk007 news-www-nethnews-lk006 news-www-nethnews-lk005 news-www-nethnews-lk004 news-www-nethnews-lk003 news-www-nethnews-lk002 news-www-nethnews-lk001