2016 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අපේක්ෂා කරන්නේ නම් ලබන 23 වැනිදාට පෙර අයදුම්පත් යොමු කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර සඳහන් කළේ පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත් ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යොමු කරන බවයි. පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත ඉදිරි දින කිහිපයේ දී ජාතික පුවත්පත්වල පල කරන බව ද විභාග කොමසාරිස්වරයා කියා සිටියා.
2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (07) උදෑසන අන්තර්ජාලයට මුදා හැරුණා. අපේක්ෂකයින් දෙලක්ෂ හැටතුන් දහස් පන්සිය පනස් දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටියා.