Monday, December 23, 2024

General line - 0115112241

23 ක් බන්ධනාගාරයට – තවත් පිරිසක් සොයා පොලිස් මෙහෙයුම්




යෝජිත හම්බන්තොට ආයෝජන කලාපය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ඊයේ (07) පැවති විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් හම්බන්තොට මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විරෝධතාවයේ දී පොදු දේපලවලට හානි කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. අදාළ චෝදනාව යටතේ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 52 ක්.

ඔවුන්ගෙන් 21 දෙනෙකු ලබන 09 වැනිදා දක්වාත් තවත් දෙදෙනෙකු ලබන 11 වැනිදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි හම්බන්තොට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

හම්බන්තොට ආයෝජන කලාපය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ මෙම පිරිස විරෝධතාවයේ නිරත වූයේ අධිකරණය ලබාදුන් නියෝගය ද කඩ කරමින්. විරෝධතාවලට සම්බන්ධ වූ තවත් පිරිස් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ද ක‍්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර විරෝධතාවයේ දී පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හම්බන්තොට, සූරියවැව සහ අම්බලන්තොට යන රෝහල්වලටයි. තුවාල ලැබූවන් අතරට පොලිස් නිලධාරීන් 11 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත්. තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයිි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.