Monday, December 23, 2024

General line - 0115112241

හම්බන්තොට ඉඩම් සොයා ගිය චමල්ට දැන් වෙනත් ප‍්‍රශ්නයක් මතුවෙයි




හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් චීනයට ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවට හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ නෙත් නිවුස් වෙත ප්‍රතිචාර දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ “හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍යකරන ඉඩම් පහසුකම් සොයා දෙන්න මට වගකීමක් පැවරුනා. ජනතාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් එම කටයුතු සඳහා මම උදව් කරනවා. කොහොමත් හම්බන්තොටට කර්මාන්තශාලා එන්න ඔනේ.. මේ පැත්ත තවත් සංවර්ධනය වෙන්න ඔනේ..මගේ විරෝධයක් නැහැ ඒකට.” යනුවෙනි.

ඉඩම් සොයා ගැනීම ගැටළුවක් නොවුණ ද අත්සන් කරන ගිවිසුම සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි චමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියේ. වරාය අධිකාරිය සතු බලතල වෙනත් පාර්ශ්වයකට පැවරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවත් ඒ පිළිබඳ සොයා බලමින් ඇති බවත් හෙතෙම සඳහන් කළා.

යෝජිත ආයෝජන කලාපයට අවශ්‍ය ඉඩම් හම්බන්තොටින් ලබාගැනීම පිළිබඳ සොයා බැලීමේ වගකීම අමාත්‍ය සාගල රත්නායකට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂට පවරා ඇති බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ ප‍්‍රකාශ කළේ.