Monday, December 23, 2024

General line - 0115112241

හම්බන්තොට දැන් සන්සුන් (PHOTOS)




හම්බන්තොට නගරය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය පවසනවා.

ටයර් පිළිස්සීම හේතුවෙන් අපවිත‍්‍ර වී තිබූ මාර්ග පිරිසිදු කිරීම හා මාර්ග බාධක ඉවත් කිරීම අද (08) උදෑසන සිදු කෙරුණා.

කෙසේ වෙතත් ප‍්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

හම්බන්තොට ඊයේ (07) ඇති වූ නොසන්සුතාව සම්බන්ධයෙන් පුද්ගලයින් පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඒ, පොදු දේපලවලට හානි කිරීමේ චෝදනා මතයි. ඔවුන්ගෙන් 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

dsc07133 dsc07131 dsc07130 dsc07129