නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි ස්ථානයට කිසිඳු බලපෑමක් නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ඔහු කියා සිටියේ ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් කරන ප‍්‍රකාශවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
සිංහල ජාතියත්, බෞද්ධ ආගමත් රැක ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කියා සිටියා.
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්.