Monday, December 23, 2024

General line - 0115112241

හම්බන්තොට කලහ කළ තවත් පිරිසක් රිමාන්ඩ්




හම්බන්තොටදී ඊයේ (07) පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් 42 දෙනෙකු හෙට (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13ක්, අම්බලන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 21ක් සහ සූරියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තිදෙනෙක් හම්බන්තොට මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇති බවයි.

ඊයේ (07) රාත‍්‍රියේ සහ අද (08) දහවල් අවස්ථා දෙකකදී මෙම පිරිස හම්බන්තොට මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසූවා.

හුන්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් අද දහවල් අඟුණකොළ පැළැස්ස මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් සියලු දෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලවන 11වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.