නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) පැවැත්වෙනවා. පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ උදෑසන 9.30ට රැස්වීම ආරම්භ කෙරෙන බවයි.
මෙම වසර තුළදී වැදගත් පනත් රැසක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු කෙටි කාලයකට සීමාවනු ඇති බවද වාර්තා වනවා.
ඊට හේතු වී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වීමට මීට පෙර තීරණය කර තිබුණත් එය පසුව වෙනස්වීමයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ මෑත කාල සීමාවේ වසරක් ආරම්භ වන අවස්ථාවේ පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු රැස්වීම කෙටි කාලයකදී අවසන් වන දිනයක් ලෙස අද දිනය ඉතිහාසයට එක්වනු ඇති බවයි.
රට නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුව වේදිකාවක් කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.