Monday, December 23, 2024

General line - 0115112241

හම්බන්තොට චීන ආයෝජන ගැන සැකයක්




මෙරට සිදු කෙරෙන ආයෝජන තුළින් ලාභදායි තත්ත්වයක් ඇතිකර ගැනීමට අවශ්‍ය සාධක මෙතෙක් සම්පූර්ණ වී නොතිබියදී චීනය හම්බන්තොට සිදුකරන ආයෝජන පිළිබඳ සැකයක් මතුවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි පාලක ලේකම් රේණුක පෙරේරා පැවසුවේ දැඩි පාරිසරික දූෂණයන් සිදුවන චීන කර්මාන්තශාලා එරටින් ඉවත් කර, ඒවා ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත්දැයි සැක මතුවන බවයි.

“චීනයට ලංකාවේ ආයෝජනය කිරීමේ , කර්මාන්ත බිහිකිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ කාරණා දෙකක් උඩ. එකක් අපේ රටේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට පුළුවන් කමක් නැහැ අපේ ආණ්ඩුවට. කර්මාන්ත ආරම්භ කරන්න අවශ්‍ය විදුලිය උත්පාදනය කරලා නැහැ අපේ රට, ඒ නිසා අලුතින් විදුලිය සපයන්න පුළුවන් කමක් නැහැ කර්මාන්තශාලාවලට.

අනික් කාරණය මිනිස් ශ්‍රමය අපේ මිල අධිකයි. චීනයේ මිනිස් ශ්‍රමය මිළ ඉතාමත් පහළ මට්ටමක තියෙන්නේ. ඒ නිසා මෙහෙ ආයෝජනය කරලා, කුමන සමාගමකටවත් තමන්ගේ නිෂ්පාදනය ලාභදායී මිළකට යම් නිෂ්පාදනයක් කිරීමේ හැකියාවක් නැහැ.

එහෙම තියෙද්දි චීනයට මේ සඳහාම දීමට උත්සහා කරනවනම්, බරපතළ ප්‍රශ්ණයක් මතුවෙනවා බීජිං නගරයේ ඇතිවෙන පරිසර විනාශයෙන් වළක්වාගැනීම සඳහා, චීන ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා චීනයේ පරිසරය දූෂණය වෙන කර්මාන්තශාලා වහාම ඉවත්කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට ඇතිවෙලා තියෙනවද කියන ප්‍රශ්ණය මතුවෙනවා”.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ ඊයේ (08) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණ කෙරුණා.