Monday, May 20, 2024

General line - 0115112241

සමහර බඩු පාලන මිලට දෙන්න බැහැ




රජය මගින් ප‍්‍රකාශයට පත් කරන ලද පාලන මිල යටතේ ඇතැම් භාණ්ඩ අළෙවි කළ නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙදුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නිහාල් සෙනවිරත්න මහතා ප‍්‍රකාශ කළේ සීනි සහ කඩල එලෙස පාලන මිලට අළෙවි කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙවැනි පාලන මිලක් පැනවීම තුළින් ඇතැම් ප‍්‍රදේශවල සිටින සිල්ලර වෙළෙන්දන් අපහසුතාවට පත්විය හැකි බවද නිහාල් සෙනෙවිරත්න මහතා පෙන්වා දුන්නා.

මේ අතර පාලන මිල උල්ලංගණය කරමින් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම් සිදු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ටී.එම්. කේ.බී තෙන්නකෝන් මහතා සඳහන් කළේ එ් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවයි. සීනි සඳහා අය කෙරෙන බද්ද ඉදිරියේදී අඩු කිරීමට කටයුතු කරනු ඇතැයිද එ් මහතා කියා සිටියා.