පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තෝරාපත් කර ගැනුණා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම කථානායක ධූරය සඳහා යෝජනා කළ අතර එය ස්ථිර කළේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්.
විපක්ෂයෙන් වෙනත් මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා නොවූ බැවින් ඡන්ද විමසීමකින් තොරව නව කථානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් වුණා.
මේ අතර අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ දෙසැම්බර් මස 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.